මේ අලුත් ඇල්ගොරිතමයෙන් පුලුවන් ඔයාලගෙ Brainwaves කියවල ඔයාල දකින දේ කියන්න....!!
ඔයාල සමහර විට බලලා ඇති Black Mirror ටෙලි කථා මාලාවේ එක එපියක ඉන්ෂුවරන්ස් නියෝජිතයෙකු එක්
සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණය සිදුකරන විට ඔහු සාක්කිකරුවන්ව සම්මුක පරීක්ෂණය
කිරීමට යොදා ගන්නා ලද උපකරණය මගින් ඔවුන්ගේ මනස කියවා එහි ඇති මතකයන් පරිගණක
තිරයක් මත දක්වයි. දැන් මේ අලුත් දියුණුව, තාක්ෂණය මගින් අපට බලාපොරොත්තුවක්
ලබාදෙනවා මේ ඇත්ත දේ රූපවාහිනියේ දකිනවට වඩා ඇත්ත ජීවිතයේ අත්විදින්න. පර්යේෂකයින්
නිපදවල තියෙන මේ ඇල්ගොරිතමය මගින් ඔබගේ Brainwaves කියවල ඔබ දකින දේ යළි
නිර්මාණය කරන්න පුලුවන් වෙලා තියෙනවා.
(ඩැන් නෙම්රොඩොව් සහ
මහාචාර්ය ඇඩ්රියනි නෙස්ටර් (වම් පස) නිපදවල තියෙනව ක්‍රමයක් එමගින් දත්ත ලෙස Brainwaves එකතුකරගෙන ඒවා මගින් පෙන්නන්න පුලුවන් කොහොමද අපේ මොළය
මුහුණු වල පින්තූර තේරුම් ගන්නෙ කියල.)
මගේ සිතුවිලිවලට එබී
බැලීම
විද්‍යාඥයෝ මිනිසුන්ගේ
සිතුවිලි කියවල ඔවුන් දකින්නෙ මොනවද කියල පරීක්ෂණය කරපු පළමුවෙනි අවස්ථාව මෙය
නොවෙයි.2016 දී පර්යේෂකයො fMRI මොළයේ පිරික්සුම් යොදා
ගත්ත මෙම පරීක්ෂණය සිදුකරන්න. මෙම සොයාගැනීම් දෙකෙහි වැදගත්ම වෙනස වන්නේ fMRI සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන්නා තමන්ගේ මොළයේ ලේ ගමනාගමනය නිසිපරිදි
පිරික්සුම් වනතෙක් විශාල යන්ත්‍රයක් තුළ මිනිත්තු කිහිපයක් දිගා වී සිටිය යුතුය.
නමුත් මේ අලුත් සොයාගැනීමේදී ඔහුට පැලදිය යුත්තේ EEG තොප්පියක් පමණි. EEG යනු විද්‍යුත් නිකර්පරරේඛය වන අතර Brainwaves විශ්ලේෂණය කිරීම සදහා
ඉලෙක්ට්‍රෝඩ මේ සදහා යොදාගනී.
මහාචාර්ය ඇඩ්රියනි
නෙස්ටර් පවසන පරිදි EEG වල තවත් ප්රතිලාභ
රැසක් පවතී. එනම් fMRI වල ක්‍රියාකාරකම්
අසුකරගන්නා වේලා පරිමාණය තත්පර වන අතර EEG වල ක්‍රියාකාරකම්
අසුකරගන්නා වේලා පරිමාණය මිලි තත්පර වේ. තවද ඔහු පවසන පරිදි අපගේ මොළය යම් කිසි
මුහුණක සටහනක් නිර්මාණය කරගන්නා ආකාරය විස්තර සහිතව අපට මෙම EEG ලබාගත හැක.
වචන විස්තර කල නොහැක
ස්වේච්ඡාවෙන්
ඉදිරිපත්වන්නෙක් EEG තොප්පිය පැලදගෙන විවිධ
මුහුණුවල් සහිත රූප රාමු දෙස බැලූ විට එය ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන්නාගේ මනසෙහි
හටගන්නා දැක්මෙහි රූපරාමු ඇල්ගොරිතමය මගින් නැවත ගොඩනැගීමක් කර විශ්ලේෂණය කිරීමෙන්
මොළයෙහි ක්‍රියාකාරීත්වය සටහන් තබා ගනී. ඇල්ගොරිතමය නිපදවන්නේ කුමක්දැයි පහතින්
දැක්වේ.
මෙය අතිසාර්ථක නොවන
නමුත් විස්මයජනක පටන්ගැන්මකි. මෙම කණ්ඩායමේ ඊළග පියවර වනුයේ මිනිසුන් දැන් දකින දේ
ප්‍රතිනිර්මාණය කිරීමට නොව මිනිසුන්ගේ මනසෙහි ඇති මතකයක් ප්‍රතිනිර්මාණය කිරීමටයි.
මෙය සිදුකිරීමට හැකිවුවහොත් වචන කථා කිරීමට නොහැකි අය සමග සබදතා පැවැත්වීමට එය ක්‍රමයක්
වේ. තවද මෙය නියුරෝන මූලික කරගත් ප්‍රතිනිර්මාණයක් නොවන අතර මෙමගින් මිනිසෙකු සිතන
දේ සහ මතකයේ තබා ගන්නා දේ අපට දැන ගත හැක. මෙය සාර්ථක වුවහොත් නැවතත් අපරාධකාරයෙකු
ගැන තොරතුරු දැන ගැනීමට ඔහුගේ කටු සටහන් ඇදීමට හෝ කැමරා දර්ශන නැරඹීමට අවශ්‍ය නැත.
අවශ්‍යවන්නේ මිනිසුන්ගේ සිතුවිලි පමණි.
මෙය Ashley Hamer ගේ ලිපියක පරිවර්ථනයකි.
:quality(75)/curiosity-data.s3.amazonaws.com/images/content/landscape/standard/a36d8c24-5f5f-4b12-aff8-a088378b579d.jpg)
:quality(75)/curiosity-data.s3.amazonaws.com/images/content/landscape/standard/882efe16-78be-4baf-ac14-b094c81905eb.jpg)
Comments
Post a Comment