මේ අලුත් ඇල්ගොරිතමයෙන් පුලුවන් ඔයාලගෙ Brainwaves කියවල ඔයාල දකින දේ කියන්න....!!
ඔයාල සමහර විට බලලා ඇති Black Mirror ටෙලි කථා මාලාවේ එක එපියක ඉන්ෂුවරන්ස් නියෝජිතයෙකු එක් සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණය සිදුකරන විට ඔහු සාක්කිකරුවන්ව සම්මුක පරීක්ෂණය කිරීමට යොදා ගන්නා ලද උපකරණය මගින් ඔවුන්ගේ මනස කියවා එහි ඇති මතකයන් පරිගණක තිරයක් මත දක්වයි. දැන් මේ අලුත් දියුණුව, තාක්ෂණය මගින් අපට බලාපොරොත්තුවක් ලබාදෙනවා මේ ඇත්ත දේ රූපවාහිනියේ දකිනවට වඩා ඇත්ත ජීවිතයේ අත්විදින්න. පර්යේෂකයින් නිපදවල තියෙන මේ ඇල්ගොරිතමය මගින් ඔබගේ Brainwaves කියවල ඔබ දකින දේ යළි නිර්මාණය කරන්න පුලුවන් වෙලා තියෙනවා. (ඩැන් නෙම්රොඩොව් සහ මහාචාර්ය ඇඩ්රියනි නෙස්ටර් (වම් පස) නිපදවල තියෙනව ක්‍රමයක් එමගින් දත්ත ලෙස Brainwaves එකතුකරගෙන ඒවා මගින් පෙන්නන්න පුලුවන් කොහොමද අපේ මොළය මුහුණු වල පින්තූර තේරුම් ගන්නෙ කියල.) මගේ සිතුවිලිවලට එබී බැලීම විද්‍යාඥයෝ මිනිසුන්ගේ සිතුවිලි කියවල ඔවුන් දකින්නෙ මොනවද කියල පරීක්ෂණය කරපු පළමුවෙනි අවස්ථාව මෙය නොවෙයි.2016 දී පර්යේෂකයො fMRI මොළයේ පිරික්සුම් යොදා ගත්ත මෙම පරීක්ෂණය සිදුකරන්න. මෙම සොයාගැනීම් දෙකෙහි වැදගත්ම වෙනස වන්නේ fMRI සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන්නා තම...